UNDER CONSTRUCTION.COMING SOON

This is a test

CLIMATE IN AMPARA

Find more about Weather in Ampara, SB
Click for weather forecast

අම්පාරේ අසිරිය

වැව් සිසිල වන අසිරිය සමගින් පුරාතන උරුමය රැගත් අම්පාර

 Oct 20, 2017 SOURCE .LIFE.LK


අම්පාර නැගෙනහිර පළාතේ පිහිටි සශ්‍රීක පළාතකි. නිදහසින් පසු මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක මැතිතුමාගේ මැදිහත්වීමෙන් අම්පාර ජනාවාස නැවත ඇතිවන්නට විය. සියවස් ගණනාවකට පෙර සැලකිය යුතු ජනගහනයක් විසී යැයි සෑම කදුගැටයකින්ම මතුවෙන පුරාවස්තු සාක්කි සපයයි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් වල් බිහිවී නටබුන්ව ගිය අම්පාර යලි නගරයක් ලෙස සංවර්ධනය වන්නේ මහාමාන්‍ය ඩී ඇස් මැතිදුන්ගේ දායකත්වයෙනි.

1. අම්පාරට ලඟා වීම

 


Source – google.lk/maps


නුවර මහියංගනය හරහා පැමිණ අම්පාරට ලඟා වීම දුර අඩුය. එහෙත් එහිදී නුවර සිට මහියංගනය දෙසට එකතු වන වංගු සහිත කඳුකරය නිසා මඳක් අපහසුතාවයක් ඇති වේ. එබැවින් කොළඹ සිට පිවිසන්නේ නම් රත්නපුරය මොණරාගල දෙසින් අම්පාරට ලගාවීම වඩාත් පහසුය. වාහනයක යන්නේ නම් මෙම රත්නපුර තණමල්විල දෙසින් වැටෙන මාර්ගයේ ගමන රිය පැදවීම වඩාත් පහසුය.
 

2. අම්පාර වැව සහ දේවාලය


Source – wikipedia.org


අම්පාරේ නගරයට ආසන්නතම වැවකි. ඇතැම් කලෙක එහි ස්නාන කටයුතු කරන පිරිස්ද දැකගත හැකිය. ඒ වැව අසබඩම දේවාලයකි. දෙමළ බැතිමතුන් මෙන්ම සිංහල බැතිමතුන්ද සිය බාරහාර ඔප්පු කිරීම පිණිස මෙම දෙවොල කරා ඇදෙති. මෙය පෙනෙන හැටියට නම් පසුකාලීනව ඉදි වූ කතරගම දෙවොලක් ලෙස සැලකිය හැකිය. දේවාලය අම්පාර නගරයේ ඔරලෝසු කණුව පෙනෙන තෙක් මානයේ වැව ආසන්නයේ ඇති බැවින් සොයාගන්නට ලොකු අපහසුතාවයක් නැත.
 

3. දීඝවාපිය


Source – youtube.com


සොලොස්මස්ථාන හෙවත් බුදුන් වහන්සේගේ පාදස්පර්ශය ලැබූ ස්ථාන 16න් එකක් වන දීඝවාපියද අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රමුඛතම සිද්ධස්ථානයකි. දීඝවාපිය රුහුණේ රජ කළ සද්ධාතිස්ස රජු විසින් කරවන ලදැයි සැලකේ. දුටුගැමුණු රජ කල සද්ධාතිස්ස මෙම නැගෙනහිර දෙස දිගාමඩුල්ල පළාතේ කෙත්බිම් අස්වද්දමින් දුටුගැමුණු රජුට සහාය දුන් බවත් අප වංශ කතාවේ සඳහන් වේ. මෙම දීඝවාපී පුදබිමෙන් ඉපැරණී සිරිපතුල් කිහිපයක්ද හමු වූ තිබේ. මේ දීඝවාපී චෛත්‍යය තවමත් පස් ගොඩක් ආකාරයෙන් දිස් වේ. එහි වටා බොහෝ දුරක් යනතෙක් පෞරාණික නටබුන් හමු වී ඇති හෙයින් මෙය එවකට ප්‍රමුඛ පෙලේ සිද්ධස්ථානයක් වන්නට ඇතැයි සැලකේ.
 

4. ගල් ඔය


Source – srilankaecotourism.lk / srilankawildlifetours.com


ගල් ඔය ජාතික වනෝද්‍යානය ජනතාව වැඩිපුර නොඇදෙන එහෙත් සතා සීපාවා බහුලව දැකගත හැකි වනෝද්‍යානයකි. වනජීවි දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක බෝට්ටු සේවාවක්ද ක්‍රියාත්මක වන අතර ඒ හරහා ඉගිනියාගල සේනානායක සමුද්‍රයේ අතු ඉති පීරමින් සතා සීපාව දැකගැනීමේ අවස්ථාව සංචාරකයින්ට උදා වේ. සාමාන්‍ය සංචාරකයින්ට බෝට්ටුවකින් ගොස් වන සිරිය විඳගැනීමේ විරල අවස්ථාව වනජීවි කාර්යාලය මගින්ම සංචාරකයින්ට උදා කර දී තිබේ. වනජීවි දෙපාර්තමේන්තුව හරහා විමසීමෙන් එම ඉඟිනියාගල බෝට්ටු සවාරිය හා සම්බන්ධ විය හැකිය.


Source – wikipedia.org


ඉඟිනියාගල සේනානයක සමුද්‍රය වනාහී රජුන් තැනූ ලංකාවෙන් මෙපිට මෑත ඉතිහාසයේ බිහිවූ මහා වාරි කර්මාන්තයකි. අද මෙන් තාක්ෂණය දියුණු නොවූ එකල මීටර පනහක් හැටක් උස විශාල බැමි ඉදිකොට ජලය රදවාගැනීම මෑත කාලිනව අපගේ ජනතාව දැක්වූ සූරුවිරුකමකි.
 

5. කෙත් වතු සහ කඳු වැටි


Source – jacadatravel.com


මෙම අම්පාර පළාත හුදෙක් ස්ථාන නැරඹීමට පමණක් නොව විවේක සුවෙන් ගතකිරීමටද කදිම පළාතකි. මහා වෙල් යාය පිස එන සුලඟ ගතට ගෙන එන්නේ සිසිලසකි. ඉගිනියාගල පළාතේ වාහනයක් පාරේ ගමන් කිරීමද ඇතැම් විට විනාඩි දහය පහළොවකට වරක් සිදුවන වැඩකි. මෙම පළාතේ ඇතැම් පාරවල රාත්‍රියට ගමනක් බිමනක් යන්නේ ගැමියනට තදබලම උවමනාවක් වූවහොත් පමණි. මන්ද අලි ඇතුන් ගැවසෙන මහා මාර්ගයේ ගමන අනතුරකට අත වැනීමකි. රාත්‍රී යන බසයක් වුවද අනෙක් බස් රිය වලින් විස්තර අසා කියාගෙන ගමන යති. පෙර කල නම් අලි කරදරයට අමතරව කකුල් දෙකේ ත්‍රස්තවාදී කොටි කරදරද මේ පළාතේ තිබුණ මුත් වාසනාවකට මෙන් දැන් ඒ කරදරයට මුහුණ දෙන්නට සිදු වන්නේ නැත. ඇති දුර නිසාම තවමත් සංචාරකයින් අතර විශාල ජනප්‍රියත්වයක් අත්පත් කරගෙන නැති මෙම කලාපය විවේක සුවයට ගැලපෙන නිසංසල පරිසරයක් නගරයෙන් දුර සෑම තැනකම පාහේ තවමත් ගැබ් වී ඇත.
 

6. රජගලතැන්න


Source – sjp.ac.lk


අම්පාර සිට නුවර පාරේ යනවිට රජගලතැන්න ප්‍රදේශය හමු වේ. මේ පළාතේ සෑම කඳුවැටියක් මුදුනේම යම්කිසි පුරාවස්තුවක නටඹුන් හමු වේ. රජගලතැන්න නම ස්ථානයේ විහාරාරාම 700ක පමණ නටඹුන්ය. එය මහාවංශයේ සඳහන් රුහුණු රට සිද්ධස්ථාන යැයි විශ්වාස කළත් මෙම පළාතේ පැතිර ඇති නටබුන් අනුව මෙය වෙනමම රාජධානියක් ලෙස පැවතුණා යැයිද සිතීමට සාධක එමට හමු වේ. රජගලතැන්න තවමත් කැණීම් කටයුතු සිදුකරගෙන යන පුදබිමකි. පුරාණ විහාර ගෙවල් වල නටබුන්, ආරාම සංකීර්ණ වල නටබුන් මෙන්ම නාන පොකුණු වැසිකිලි ආදී සපිරි ආරාම සංකීර්ණයක්ම පැවති බවට සාධක රජගලින් හමු වී තිබේ.


Source – wikipedia.org


මේ රජගගලතැන්න සිට කොළඹ දෙසට එනවිට සමන්ගල නම් තවත් ගලකි. පුරාණ ලෙන් විහාර පැවතියා යැයි සිතිය හැකි මෙම ස්ථානයේද පුරාතන නටබුන් හමු වී තිබේ.
 

7. නවාතැන් පහසුව


Source – ansathudinapotha.blogspot.com


අම්පාර නගරය ආසන්නයේ නම් පිහිටා ඇති නවාතැන් ගණන සීමිතය. එහෙත් අවට වෙරළාසන්න පෙදෙස් වල නවාතැන් පොළවල් පිහිටා ඇත. නැගෙනහිර වෙරළ තීරයද විදෙස් සංචාරකයින්ද සොයාගෙන එන එක්තරා විශේෂ කලාපයකි. අරුගම්බේ පොතුවිල් පළාත මඳක් දුර පිහිටියද ඒ ආසන්න වෙරළ තිරයන්ද ඇතැම් තැනක සංචාරකයින් විසින් ග්‍රහණය කොට තිබේ. ලංකාවේ කොළඹට ප්‍රතිවිරුද්ධ අනෙක් කෙළවර යැයි සැලකෙන සංගමන් කන්ද තුඩුව ආදී ස්ථාන ආශ්‍රිතවද කුඩා සංචාරක නවාතැන් ආදිය දැන් ඇතිවී තිබේ. අම්පාර පළාතට පිවිසීමට කාලයක් ගත වුවද මිනිසුන් බහුල නැති පළාතක කුඩා නිවාඩුවක් ගත කිරීමට අම්පාර පළාත කදිම පළාතකි.

මිහිදු හිමියන්ගේ ආදාහනය සිදු වී ඇත්තේ අම්පාර රජගලදී

(නිමල කොඩිතුවක්කු) මිහිදු මහරහතන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අම්පාර රජගලදී සිදුව ඇති බව එම ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ සෙල්ලිපියක් මගින් තහවුරු වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවැසීය. මිහිදු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ පවා රජගල පුරාවිද්‍යා භූමියෙන් සොයා ගෙන තිබෙන බවද අමරතුංග මහතා සඳහන් කළේය. රජගල පුරාවිද්‍යා කැණීම් සම්බන්ධයෙන් අදහස් දක්වන මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් මෙසේද කීය. “රජගල පුරාවිද්‍යා ව්‍යාපෘතිය අවුරුදු ගණනාවක් සම්පූර්ණයෙන් සංරක්ෂණ කටයුතු වලින් ඈත්වෙලා තිබුණා. තවත් කාලයක් ගත වුණා නම් ඒ ඉතිහාසය මැකී යන්න ඉඩ තිබුණා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු මානව සම්පත ප්‍රමාණවත් නොවුන නිසා සංරක්ෂණ කටයුතුවලට ව්‍යාපෘතියක් ලෙස සෘජුව මැදිහත් වෙන්න කියලා ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයෙන් ඔවුන් ඉල්ලීමක් කලා. ලංකාවේ විශ්ව විද්‍යාලයක් විසින් සංරක්ෂණය කරපු විශාලතම භූමිය තමයි රජගල කියන්නේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රශාන්ත බී. මණ්ඩාවල මහතා ඇතුළු පිරිසකගේ මූලිකත්වයෙන් මෙම සංරක්ෂණ කටයුතු සිදුකළා. අක්කර 1500ක් පමණ ඇති මෙම භූමිය පුරා සංරක්ෂණය කිරීමට අවශ්‍ය විද්‍යාත්මක කෞතුක භාණ්ඩ දහස් ගණනක් තිබෙනවා. මිහිදු මහරහතන් වහන්සේගේ ආදාහනය සිදුවෙලා තියෙන්නේ රජගලදී කියලා එහි තිබූ එක් සෙල්ලිපියකින් හොයාගෙන තියෙනවා. ඒ අවුරුදු 2200කට කලින් එහි ඉදිකර තිබුණු සෙල්ලිපියකින් උන්වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කරලා තියෙන්නෙත් එම ස්ථානයේම බවට සනාථ වෙලා තියෙනවා. හරියටම 2200 පිරෙන දවසේ තමයි අපි රජගල ඓතිහාසික චෛත්‍යයේ ධාතුන් වහන්සේ තැන්පත් කළේ. මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩි බවට සාක්ෂිය තියෙන්නේ මිහින්තලේ සෙල්ලිපියෙයි. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඒවා මැකී ගොස් තිබෙනවා. නමුත් රජගල තියෙන මෙම සෙල්ලිපිය නිරුපද්‍රිතයි. මිහිදු මහරහතන් වහන්සේ ලංකාවේ වැඩසිටි බවත් මෙහිම අපවත් වූ බවත් ආදාහන කටයුතු සිදුකර භස්මාවශේෂ තැන්පත් කළ බවත් රජගල සෙල්ලිපිය සාක්ෂි සපයනවා. මෙම සෙල්ලිපියේ රහතන් වහන්සේලාගේ කුටි විශාල ප්‍රමාණයක් ලංකාවේ පැවතුණා කියා සඳහන් වනවා. උන්වහන්සේලාට දානය පිළිගන්වා තිබෙන ආකාරය නූතන කළමනාකරණ ක්‍රමවේදයටත් ඉතා වැදගත් වෙනවා. දානය පිළිගැන්වීමේදී ස්වාමීන්වහන්සේලාට ලදුපතක් නිකුත් කරලා තියෙනවා. දානය සඳහා වැඩ සිටින රහතන් වහන්සේ පවා ඒ පිළිබඳව මුළුතැන්ගෙයට දැනුම් දිය යුතු වනවා. මේ භික්ෂූන් වහන්සේලා පානය සඳහා ජලය ලබා ගෙන තියෙන්නේ පීල්ලක් මගින්. ඒ පීල්ලෙන් අදටත් ජලය ගලනවා. ඒ ජලය විශාල ගල් පාත්තර දෙකකට එකතු වෙනවා. ඒ පාත්තර දෙකෙනුයි උන්වහන්සේලා ජලය ලබාගෙන තියෙන්නේ. පාත්තර දෙකෙන් පැන් ගන්නත් ලදුපත් නිකුත් කරලා තියෙනවා. පැන් අවශ්‍ය ප්‍රමාණය කොපමණද ආදී වශයෙන් මනා කළමනාකරණයක් එහි සිදුව තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශය මගින් මෙම කටයුතු ඉදිරියටත් කරගෙන යනවා. භාවනානුයෝගීව වැඩසිටින භික්ෂූන්වහන්සේලාගේ පහසුව සඳහා මෙහි ඇති සීත ලෙන් පිළිබඳවත් අපි කැණීම් සිදුකරමින් පවතිනවා” යැයිද සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් පැවැසීය
මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ බවට ඓතිහාසික හා පුරාවිද්‍යාත්මකව සනාථ වී ති‍බේ - 9 06 2017 - 12:18 - 1076 views - . . ADA.LK මීට වසර 2325කට ඉහතදී පොසොන් පුර පසළොස්වකදා මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත පිරිස මිහින්තලයට වැඩම කළ බව දීපවංශය, මහාවංශය සහ සමන්තපාසාදිකාව යන පුරාණ ග්‍රන්ථවල සඳහන් වී තිබේ. (ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම් - පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසයට පි. 121 -1969) මේ පිළිබඳව විමසන විට ආචාර්ය රීස්. ඩේවිඩ්ස් මහතා පෙන්වා දෙන පරිදි අශෝක රජතුමාගේ රාජ්‍ය කාලයේදී හිමාලය ප්‍ර‘දේශයට යවන ලද ධර්ම දූත පිරිස ගැන ලක්දිව වංශ කතාවන්හි සඳහන් ප්‍රවෘත්තියෙහි සත්‍යතාව සංචියේ තිබී සොයාගනු ලැබූ පුරාවිද්‍යාත්මක වස්තුවලින් සනාථ වන්නේය. (Buddhist India - T.W. Rhys David's (London) P-299) සිංහලයන්ට උනන්දු වීමට කරුණක් නොතිබුණු හිමාලය වැනි ප්‍රදේශයකට අශෝක රජු විසින් යවනු ලැබූ ධර්ම දූත මෙහෙය පිළිබඳව ලක්දිව වංශකතා ප්‍රවෘත්ති මෙතරම් නිවැරදි නම් මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්ම දූතයන්ගේ ආගමනය පිළිබඳ ප්‍රවෘත්තිය ජනප්‍රවාදය මාත්‍රයක් නොවේ යැයි සැලකීම යුක්ති යුක්තය. මේ අනුව ඓතිහාසික වශයෙන් මහින්දාගමනය පිළිබඳව සාක්‍ෂි ඉදිරිපත් කළ හැකිව තිබේ. එහෙත් පුරාවිද්‍යාත්මක වශයෙන්ද ඔප්පු කළ හැකි ශිලාලිපි ශ්‍රී ලංකාවේ හමුවී තිබේ. එයින් එකක් අම්පාර දිස්ත්‍රික්කයේ රජගල පුරාණ පුදබිමෙන් හමුවී ඇත. එය ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට අයත් බ්‍රාහ්මීය අක්‍ෂරවලින් ලියන ලද්දකි. Inscriptions of Ceylon Vol. I Senarath Paranavithana - P35 No. 468 Dept. Of Archeology : 1970) එම ශිලා ලේඛනය රජගල පුදබිමෙහි පිහිටි පර්වතයක සටහන් කර තිබේ. ඒ අසල පහත ගරාවැටුණු දාගැබක නටඹුන්ද හමුවී තිබේ. එය මෙම ධාතූන් වහන්සේලා නිදන් කර තිබූ දාගැබේ නටඹුන් ලෙස හඳුනා ගෙන තිබේ. මෙම ශිලා ලේඛනය ගිරිලිපිය (Rock Inscription - රොක් ඉන්ස්ක්‍රිපිෂන්) කි. බ්‍රාහ්මීය අක්‍ෂරයෙන් ලියා ඇති එම ගිරිලිපිය පේළි දෙකකි. ''යෙ ත්‍රමදිප පටමය ඉදිය අගනත ඉදික තෙර මහිද තෙරහ තුබෙ'' මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා මෙහි සිංහල අර්ථය මෙසේ සටහන් කර ඇත. ''මෙම දිවයිනට එහි වාසනා මහිමය නිසා පැමිණි ඉට්ඨිය සහ මහින්ද තෙරුන්ගේ ස්ථූපයයි'' (Inscriptions of Ceylon vol. I porf. Senarath paranavithana P.35 inscription No.468 Dept. of Archeology - 1970) මෙම ගිරිලිපියෙහි 'මහිද තෙර' යනුවෙන් සඳහන් කර ඇත්තේ මිහිඳු මහ රහතන් වහන්සේය. 'ඉසික තෙර' යනු මිහිඳු මහ රහතන් වහන්සේ සමග ලංකාවට වැඩම කළ භික්ෂූන් වහන්සේලා අතර සිටි ඉට්ඨිය තෙරුන් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා ඉහත සඳහන් ග්‍රන්ථයෙහි සඳහන් කරයි. (වල්ලිපුරම් රන් සන්නස සහ හෙළ උරුමය, සිරිසමන් විජේතුංග පි. 84 - 2003) මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට පසු රජවූ උත්ති රජුගේ (ක්‍රි.පු 267-257) කාලයේ පිරිණිවන්පෑ බව මහාවංශයෙහි සඳහන් වන කරුණකි. මිහිඳු මහරහතන් වහන්සේ පිරිණිවන්පෑමෙන් පසුව ඒ පිළිබඳ ආදාහන පූජාව සිදුකර ඇත්තේ උත්තිය රජතුමාගේ අනුග්‍රහ‘යෙනි. මෙම ආදාහන පූජාවෙන් පසුව ඉතිරි වූ මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා සෑගිරියෙහි (මිහින්තලය)ද තවත් පුදබිම් කිහිපයකද නිදන් කර දාගැබ් සාදවන ලද බව මහවංශයේ සඳහන් වී තිබේ. (මහාවංශය පළමු වැනි කොටස - 20 වැනි පර්ච්ඡේදය - 49-49 ගාථා) මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා ලංකාවේ මෙකල නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ රජගල වැනි පුදබිමක නිදන් කිරීමට හේතුව ලෙස ඉදිරිපත් කළ හැකිය. මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා සමග රජගල පිහිටි එම දාගැබෙහි ඉට්ඨිය තෙරුන්ගේ ධාතූන්ද නිදන් කළ බව රජගල ගිරිලිපියේම සඳහන් වන කරුණකි. ඒ සඳහාද මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා මෙසේ සඳහන් කරයි. රජගල ප්‍රදේශය ඉට්ඨිය තෙරුන් වහන්රසේ ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදුණු ප්‍රදේශය නිසාය. මිහිඳු මහරහතන් වහන්සේ සහ එම දූත පිරිස අහසින් වැඩම කළේ දඹදිව වේදිය ගිරියේ සිට බව මහාවංශයේ සඳහන් වෙයි. 'ඉදිය' යන වචනයද මෙම රජගග ගිරි ලිපියේ සඳහන් වී ඇත. සෞභාග්‍යය හා සමෘද්ධිය සඳහා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරවීම එහි අර්ථය බව මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා පවසයි. මෙහි 'ඉදිය අගනත' යන්නට එතුමා අරුත් සපයන්නේ මෙසේය. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ බව සඳහන් වන එක ශිලාලිපිය (ගිරි ලිපිය) රජගල කඳු සහිත වූ පුදබිමෙහි පිහිටුවා ඇති අතර, මිහිඳු මහ රහතන් වහන්සේගේ නාමය සඳහන් වන තවත් ගිරි ලිපියක් මිහින්තලෙන් හමුවී තිබේ. මෙම ශිලා ලේඛනයේ විශේෂත්වය වන්නේ මිහිඳු මහරහතන් වහන්සේ පමණක් නොව ඒ සමග වැඩම කළ අනෙකුත් භික්ෂූන් වහන්සේලාගේ නාමයද එම ගිරි ලිපියෙහි සඳහන් වී තිබීමය. මෙම ගිරි ලිපිය මිහින්තලෙට නගින විට එහි පර්වතයෙහි කොටා ඇති අන්දම දැකගත හැකිය. ඒ ශිලා ලේඛනයෙන් කියැවෙන්නේ මහාදාඨි මහානාග රජු (ක්‍රි.ව. 9-21)ගේ ප්‍රදානයක් පිළිබඳවය. මෙම ප්‍රදානයෙහි (පූජා කිරීමෙහි) එක් පරමාර්ථයක් වන්නේ මහින්ද (මිහිඳු) ඉට්ඨිය, උත්තිය, බද්ධසාල යන තෙරුන්ගේ ප්‍රතිභා වන්දනයයි. (පුරාවිද්‍යා සඟරාව - සිරිසමන් විජේතුංග පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව - ඇන්.එම් සිරිසෝම මහතා විසින් ලියන ලද මහාවංශයේ සත්‍යතාව සහ විශ්වසිනීයත්වය- පි. 03 : 1989) රජගල පිළිබඳ සඳහන් කරන විට එය මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස මෙරටට පැමිණීමෙන් පසුව මිහින්තලේ ලෙන් විහාරවල ලියන ලද බ්‍රාහ්මීය ලෙන් ලිපි රැසක් මෙන්ම මෙහිදී (රජගල) එවැනි ලෙන් සහ ඒ ලෙන් ආශ්‍රිත වූ ශිලාලේඛන රැසක්ම හමුවී ඇති බව සඳහන් කළ යුතුව ඇත. මෙහි ලෙන් ලිපි හැත්තෑවක් පමණද යුග කිහිපයකට පමණ අයත් වන පර්වත ලිපි (ගිරිලිපි) හමුවේ. පර්වත ලිපි අතරේ ලෙන් ලිපිවලට වඩා පැරණි ගිරිලිපියක් අප ඉහතින් සඳහන් කළ ගිරිලිපියද වේ. ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 10 වැනි සියවස තෙක් වූ කාලපර්ච්ඡේදයකට අයත් ශිලා ලිපි පමණක් නොව දාගැබ්, ආරාම, පොකුණු, ප්‍රතිමා විහාර ආවාස ගෙවල් සඳකඩපහණ, මුරගල් සහ කොරවක් ගල් ආදියෙහි නටඹුන්ද මෙම ප්‍රදේශය පුරා විසිරී පවතී. රජගල කන්දට 'රාස්ස කන්ද' යන නාමයද ගිරිකුම්බිල විහාරය යන නාමයන්ද භාවිත වී තිබේ. මුහුදු මට්ටමේ සිට අඩි 1038ක් උස කන්දක මෙම බෞද්ධ නටඹුන් දැකගත හැකිය. මේ පිළිබඳව විමසා බලන විට අනුරාධපුර අසල වූ මිහින්තලය මෙන්ම රජගල පුදබිමද ඉතා දියුණු තත්ත්වයක පැවැති බවද දේවානම් පියතිස්ස රජුට පසු රාජ්‍ය අනුග්‍රහය ලද පුදබිමක් ලෙසින්ද සැලකිය හැකිය (රජගල පුරාවිද්‍යාත්මක ගවේෂණයකි - සිරිසමන් විජේතුංග, පි. 04 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍ය සංස්කෘතික අරමුදල - 2005) මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරවීම එතෙක් අප රටේ පැවැති දියුණු ශිෂ්ටාචාරයේ හැරවුම් ලක්‍ෂයකි. එහෙත් සමහරක් පවසන අන්දමට මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළ කාලයේ අපේ රජවරුන් දඩයමේ ගිය යුගයක් ලෙසින් සඳහන් කිරීම අපේ උරුමය ඓතිහාසිකව හා පුරාවිද්‍යාත්මකව අවබෝධ කර නොගැනීම හේතුවෙන් කරන ප්‍රකාශ බව මෙහිදී අවධාරණය කළ යුතුව ඇත. පණ්ඩුකාභය රාජ යුගය (දේවානම් පියතිස්ස රජුගේ පියා වූ (මුටසීව රජුගේ පියා) කාලයේදී පසු ඉන්දියානු කෘෂිකාර්මික මෙන්ම නගර සංවර්ධන වැඩපිළිවෙළක් තිබුණු බව මහාවංශයෙන් පැහැදිලි වේ. මීට අමතරව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ශීරාන් දැරණියගල මහතා විසින් අනුරාධපුරයේ ඇතුළුනුවර 1984දී කරන ලද පුරාවිද්‍යා කැණීම ඉතා වැදගත් වන්නේය. ඒ කැණීම අනුව වී ගොවිතැන, යකඩ භාවිතය, ඉතා දියුණු මැටි බඳුන් තාක්‍ෂණය, (සකපෝරුවේ කරකවා සාදන ලද මැටි බඳුන්) බ්‍රාහ්මීය අක්‍ෂර ඒ මැටි බඳුන්වල ලියාතිබීම හා අශ්වයන් ඇතිකිරීමේද තිබුණු බව අඩි 30 පමණ යටට කරන ලද එම පුරාවිද්‍යා කැණීමෙන් හමුවී ඇත. මේ අනුව දේවානම්පියතිස්ස රාජ කාලයට වසර දෙතුන් සියයකට ඉහතදී ඉතා දියුණු ශිෂ්ටාචාරයක් පැවැති බව පුරාවිද්‍යා කැණීමෙන් තහවුරු වී ඇත. (ශ්‍රී ලංකාවේ පුරාණ උරුමය අංක 1 - සිරිසමන් විජේතුංග, පි. 54 - 2012, සමුද්‍රා ප්‍රකාශකයෝ) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ සිරිසමන් විජේතුංග
බුදුන්ගේ පාද ස්පර්ෂය ලද පින්බිම දීඝවාපිය දුහුවිල්ලෙන් වැසී ගිය හාත්පස සිහි කරන්නේ, මාස ගණනක් දිය ‍පොදක් හෝ නොලැබුණ වගය. දුඹුරු පැහැ ගැන්වුණු ගස්කොළන් පසුකරමින් අම්පාර අක්කරෙයිපත්තු මාවතේ ඉදිරියට යද්දී, ඈතින් දිස්වන, නීලවර්ණ කඳු පන්ති, කතරට දිය ‍පොදක් සේ නෙත සිත සනහාලන වග නොරහසකි. ගල්ඔය මිටියාවත සමීපයෙහි දිගාවැව අසබඩින් වන බිම ද ඈතට දිස්වන්නේ, එවන් නීල වර්ණ කඳුවැටියක් මෙනි. එහෙත් එය එසේ නොවේ., ගරා වැටුණු මතකයට ඔබ්බෙන්, තැනිතලාව බිඳ යළි නිසංස‍ලේ ඉහළ නඟින්නට අරඅදින මේ පුදබිම, උතුම් බුද්ධෝත්මයාණන් වහන්සේගේ පිවිතුරු පාද ස්පර්ශයේ පහස ලැබූ දීඝවාපී පුදබිම ය. අම්පාර අක්කරෙයිපත්තු මාර්ගයේ කිලෝමීටර හයක් පමණ ගිය තන්හි හමුවෙන්නේ, වරිපතන්ච්ෙන (රජගම) හන්දිය යි. එතැනින් හැරී, තවත් කිලෝමීටර දොළසක් පමණ ගිය කල්හි, දීඝවාපී පුදබිමට ළඟා වන්නට ඔබට හැකි වනු ඇත. රෝහණ රටට අයිතිව තිබූ දීඝවාපිය ජනවහරෙහි පවතින්නේ, “දිග් වූ වැව - දිගා වැව - දීඝවාපිය” ලෙසිනි. මහාවංශය සාක්ෂි දරන්නේ, බුදුරදුන් ලක්දිවට වැඩි තෙවැනිවර දී, ශ්‍රී පාදය පාමුල, දිවා කාලය ගත කොටැ, පසුව දීඝවාපියට වැඩම කළ බව ය. ඒ ආසන්නයෙහි මහරහතන් වහන්සේලා සමඟ සමාපත්ති සුවයෙන් වැඩසිටි බව ය. සුවහසක් බොදු දනන්ගේ මුදුන්මල්කඩ වන සොළොස්මස්ථානයෙන් එක් ස්ථානයක් ලෙස අදද දීඝවාපිය ගෞරව බහුමානයට පාත්‍ර වන්නේ එබැවිනි. රූස්ස වෘක්ෂයන්ගෙන් සෙවණ වූ, අක්කර හයසියයක පමණ විසිරී පවතින මේ බිම නැගෙනහිර බොදු උරුමයේ යටගියාව පිළිබිඹු කරන අපූරු කැඩපතක් බඳු ය. මේ බිමට පා තැබූ සැණින් දිස්වන්නේ, යළි හෙමින් සීරුවේ ඉහළ නඟින්නට තනන මහා දාගැබ් වහන්සේ පමණි. එහෙත් ඒ බිම දහස් ගණනක භික්ෂුන් වහන්සේලාට සෙවණ දුන් මහා ආරාම භූමියක හැඩහුරුව කියාපාන වග නම් නොරහසකි. නටබුන්ව ශේෂ වී හාත්පස විසිරී ගිය බෝධිඝර, ප්‍රතිමාඝර, උ‍පෝසථාඝර, සංඝාරාම, වෙදහල් ආදී සියල්ල ඊට කදිම සාක්ෂි සපයන්නෝ ය. ඒ යටගියාව සොයා ගන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෑතකාලීනව මේ බිමට පා තබන්නේ ඉකුත් දෙදහස් එකොළහේදී ය. ඊට පෙර එහි විධිමත් කැණීම් කටයුතු කෙරෙන්නෙ, එක්දහස් නවසිය හැටදෙක තරම් ඈත කාලයේදී ය. ඒ, එවකට පුරාවිද්‍යා කොමසාරිස්ව කටයුතු කළ ආචාර්ය චාල්ස් ගොඩකුඹුරගේ අධීක්ෂණයෙනි. දීඝවාපී පුදබිම යුග ගණනාවක අතීතයකට අයත් වග පුරාවිද්‍යා නිලදරුවන් හෙළි කර ගන්නේ, දෙදහස් එකොළහේදී කරන ලද පර්යේෂණ කැණීම්වලදී ය. ක්‍රි. ව. අට නවය සියවස්වලට අයත් යැයි සැළකිය හැකි ෙශෙලමය ගවරූපයක්, සිංහ රුවක්, බුදු පිළිමයක ශීර්ෂයක් මතු නොව එකලට අයත් යැයි සැලකෙන කාසි, පබළු, කරාබු ආදිය ද එහිදී ඔවුහු මතුකැර ගන්නෝ ය. ඉන් වඩාත් සුවිශේෂි වන්නේ, දීඝාවාපී පුදබිමෙන් හමු වූ ලෝකඩ මූර්ති ය. ෙචෙත්‍යයෙහි නැගෙනහිර දොරටුවේ සිට මීටර තිහක් පමණ ඊසාන දෙසින් වන සලපතළ මළුවෙහි ගරා වැටුණ පස්තට්ටුවක කරන ලද කැණීමකදී මෙම ලෝකඩ ප්‍රතිමා හමු වී තිබිණි. සෙන්ටි මීටර එකොළහක උසකිනුත්, සෙන්ටිමීටර අටක පළලකිනුත් හෙබි මේ ප්‍රතිමා බොහොමයක් කුමනාකාරයේ රූප ද යන වග හෙළි වී නිශ්චිතව හෙළි වී නැතත්, ඒවා සතරවරම් දේව රූප යැයි සැකයක් පවතී. දීඝවාපී මහ සෑය කුමන කාලයකදී ඉදිකරන ලද්දක් දැයි නිශ්චිත නැත. එහෙත් ඒ හා බැඳුණ අපූරු කතා බොහොමයකි. මහාවංශය සාක්ෂි දරන්නේ, දීඝවාපිය සද්ධාතිස්ස රජු විසින් කරවන ලද්දක් බවය. දුටුගැමුණු රජු අනුරපුර එක්සේසත් කරන සටනේ දී, ඔවුනට අවැසි ආහාර පාන ලබා දෙනු වස්, දීඝවාපී ජනපදය අස්වද්දා ඇත්තේ සද්ධාතිස්ස ය. දුටුගැමුණු රජුට පසුකාලීනව රජ වූ සද්ධාතිස්සයන් දීඝවාපී සෑයට කංචුකයක් කරවා පූජා කළ බව ද මහාවංශයේ සඳහන් ය. මහාවංශ ටීකාව එය විස්තර කරන්නේ, “සත් රුවනින් හෙබියාවූ කංචුකයක් කරවූවා” යනුවෙනි. ක්‍රි. ව. දෙවන සියවසේ අනුරාධපුරයේ රජ කළ කනිෂ්ඨ තිස්ස රජු විසින් මෙම දාගැබ් වහන්සේ ප්‍රතිසංස්කරණය කළ බවට ද ඉතිහාසය සාක්ෂි දරන්නේ ය. ඒ බව වඩාත් තහවුරු වී ඇත්තේ බටහිර වාහල්කඩ සංරක්ෂණය කිරීමේ දී හමු වූ රන් කරඬුවක තිබූ රන්පතකිනි. මේ රන්පත බහා තිබූ කරඬුව තැන්පත් කර තිබි ඇත්තේ, ගල් කරඬුවක් තුළ ය. ඒ සියල්ල සකසා තිබුණේ දාගැබ් ආකාරයට බව පුරාවිද්‍යාඥයෝ පවසති. එහි තේරුම, ක්‍රිස්තු වර්ෂ දෙවන සියවස වන විට ද, කොත්කැරැල්ලක් සහිතව නිමවන්නට තරම් දාගැබ් කර්මාන්තය සුවිශේෂී වූ වග ය. එහෙත් අද වන විට දකින්නට ඇත්තේ, ඒ මහා සෑයේ ගර්භ කොටස පමණි. දීඝවාපී මහ සෑ රදුන්ගේ උස ප්‍රමාණය නිශ්චිත නැත. එහෙත් අදට ඉතිරිව ඇති ගර්භ කොටසෙහි පමණක් උස අඩි හැත්තෑපහත්, අසූවත් අතර වේ. දාගැබෙහි වට ප්‍රමාණය අඩි හත්සිය පනහකි. හෙළ බොදු උරුමයේ සාරයෙන් ඔප වැටුණ මේ බිමට මුලින් ම සතුරුකම් කළෝ, ඉංග්‍රීසිහු ය. අධිරාජ්‍යවාදීන්ගේ රුදුරු හස්තයෙන් මිරිකුණ, දිගාමඬුල්‍ලේ වැව් අමුණු සියල්ල ම මෙන් මේ පුද බිම ද නටබුන්ව ගියේය. තේජසින් විරාජමානව ඉහළ නැඟි මහා සෑය ගරා වැටී, ඒ මත රූස්ස ගස් ඉදි වූයේ ඉන් මත්තෙනි. ඉංග්‍රීසින්ගෙන් මිදුණ ද වහල් බවෙන් මිදෙන්න අමතක වූ නිසා ම, යටගිය බොහෝ දේ යළි මතු කැර ගැන්ම සිතූ තරම් ලෙහෙසි පහසු වූයේ නැත. එක්දහස් අටසිය හැට නවයේදී, එවකට මඩකලපුව දිසාව භාර දිසාපතිවරයාගේ නියෝගයක් මත, මේ මහා සෑය කැණීම් කර ඇත්තේය. එහෙත් ඒ, වෘක්ෂලතාවන්ගෙන් වැසී ගිය බොදු උරුමය සොයන්නට නොව, දාගැබෙහි ගඩොල් සහ ගල්කණු, ඒ අසල පිහිටි වීරඅඩි අමුණ සහ සෙංගප්පිලි වාරිමාර්ග ඉදිකිරීම සඳහා ගෙන යන්නටය. ගරාවැටුණ පස්ගොඩැලි මතින් නැඟිසිටි දීඝවාපිය යළි හුදකලා වූයේ, පසුගිය දශක තුනේදීය. එවකට පැවැති එල්.ටී.ටී.ඊ. තර්ජන නිසාම මේ බිම වන්දනාමාන කරන්නට බොහෝ දෙනා මැළි වූහ. ඒ සියල්ල අවසන, දීඝවාපී මහා සෑ රදුන් දැන් සැරසෙන්නේ, පස්ගොඩැලි මතින් සැඟවී ගිය සිය තේජස් රුව යළි මතුකැර ගැනුමට ය. පුරාවිද්‍යා නිලදරුවන් වෙහෙසෙන්නේ, එය යථාර්ථයක් කරනු සඳහා ය. ඉදින් අනාගතයේ දිනෙක, බුදුන්ගේ පාද ස්පර්ශයේ පහස ලැබූ පින්බිමෙහි සැඟව ගිය අසිරිය යළි සියැසින් දැක බලා ගැන්මට අපි වාසනාවන්ත වනු ඇත. ගයාත්‍රි ගීගනආරච්චි ලක්බිම නිවුස්
“භූතයෙක්” හදා පේටන්ට් අයිතිය ගත් දිගාමඩුල්ලේ ඉන්ජිනේරුවා "කන්ට අදින්ටා පිටරටින් එන තුරු, මුහුදට දත නියවන්නා...." යැයි ලක්ෂ්මි භායි එදා කීවේ අනාගතය ගැන බොහෝ දෑ දැන ගෙන විය හැකිය. ඒ තරමට ශ්‍රී ලාංකිකයා යනු විදේශීය ආනයනිත නිෂ්පාදන හා භාණ්ඩ තම දිවියෙහි අනිවාර්ය අංගයන් බවට පත් කරගෙන සිටින පිරිසකි. අලුත් දේ තනන්නට හැකි වුවත් ඒවාට වටිනාකමක් නො දී පිටින් ගෙනෙන දේ අගයන රටක් බවට ලංකාව පත්වෙමින් තිබේ. එවන් වටපිටාවක් මැද ලංකාවට ගැළපෙන ආකාරයට බීජ සිටුවීමේ යන්ත්‍රයක් නිපදවමින්, එයට පේටන්ට් බලපත්‍රයක් ලබා ගනිමින්, ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ විස්මිත නිර්මාණ කරන අපූරු මිනිසෙක් පසුගියදා අපිට හමුවිය හෙතෙම සැබවින්ම අපූරු මිනිසෙකි. ඔහු විවිධ ජීවනෝපායන් කර ඇත. ඒවා එකිනෙකට වෙනස්ය. එම කර්තව්‍යයන්හි විශේෂඥවරයකු වන ඔහු කාලයක් තිස්සේ එම අංශන්හි ලද දැනුවත්භාවය නව නිර්මාණයන් සඳහා ඉවහල් කරගත් පුද්ගලයෙකි. ඔහු අවසානයට නතර වන්නේ දේශීය කෘෂිකර්මාන්තය ළඟය. එයද උඩු යටිකුරු කරවන පෙරළියක් කරන්නට සමත් වූවෙකි මේ. මේ දිගහැරෙන්නේ ඔහුගේ කතාවයි. අම්පාර දේවාලහිද ගල්කන්ද ප්‍රදේශයේ පදිංචි ඩබ්. එම්. ජයවර්ධන මහතා අපිට මුණගැසුණේ ඔහුගේ වැඩබිමේදීය. කොක්නහර මහා විද්‍යාලයෙන් සිප්සතර හදාරමින් සිටිදි ඔහු පාසල් ජීවිතයට තිත තැබුණේ සාමන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සමයේදීය. ඒ පියාගේ හදිසි වියෝව නිසාය. පාසල් ගමනට ආයුබෝවන් කියූ ඔහු ඒ වෙනුවට වඩු වැඩ කරන්නට පටන් ගත්තේය. වසර කිහිපයක් යද්දි ඔහු වඩු වැඩෙන් නිපුණතාවයක් පෙන්වමින් කටයුතු කරන්නට විය. පසුව එයටද ආයුබොවන් කියූ ඔහු අම්පාර හාඩි කාර්මික ආයතනයෙන් කාර්මික පාඨමාලාවක් හදාරන්නට විය. පසුව මෙම උත්සාහවන්ත තරුණයා අම්පාරෙන් කොළොම්පුරයට පා තැබුවේ තවත් අලුත් දෙයකට අත ගසන්නටය. ඔහු වසර 09ක් තිස්සේ කොළඹට වී නවකතා ඇතුළු විවිධ මාදිලියේ පොත් පත් සිය ගණනකට පරිගනකයෙන් ලිපි සකස් කරන්නට විය. ඒවාට අවශ්‍ය ග්‍රැෆික් නිර්මාණයන් කරන්නට වූවේය. මේ සියල්ලම සඳහා ඔහුට ගුරුවරයෙක් නොවූ අතර බොහෝ දෙනෙක් වැඩ කරන ආකාරය බලා ඔහු තනිවම එම දේවල් පුරුදු පුහුණු විය. මෙසේ කාලයක් තම රැකියාව කළ ජයවර්ධනට හදිසියේ තම රැකියාවට සමුදෙන්නට සිදුවිය. එහෙත් එය එය ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත් වන බවක් ඔහු දැනගෙන සිටියේ නැත. ඔහුගේ කොළඹ ගමනට තිත තැබුණේ අම්පාර නිවසේ අසනීපව ජීවත් වූ ඔහුගේ මව රැක බලා ගැනීමට අවශ්‍ය බැවිනි. ඉන්පසු ඔහු තවත් අලුත් වැඩකට අත ගසන ලදී. අම්පාර යනු අතීතයේ පටන් ඉතා සශ්‍රීක අන්දමින් මහා පරිමාණ ලෙස වී ගොවිතැන පැවැති ප්‍රදේශයකි. ජයවර්ධනට නිරන්තරයෙන් දකින ඇසෙන කෘෂිකර්මාන්තයෙහි වෙනසක් කිරීමට ඔහුට අවැසි විය. ගොවීන්, ‘භූතයා’ ලෙසින් හඳුන්වන ගොයම් මඩින යන්ත්‍ර දෙකක් ලංකාවට ප්‍රථමයෙන් ගෙන්වූ කාලයයි. ඔහු එයින් එක් යන්ත්‍රයක් මිලදී ගෙන අම්පාරට පැමිණියේය. ගමේ සියල්ලන්ටම එයින් ලැබුණේ විශාල ප්‍රතිලාභයකි. ජයවර්ධනටද මේ හේතුවෙන් හොඳ ආදායමක් ලැබුණි. ඔහු එතැනින් නතර වන්නට සූදානම් වූයේ නැත. ඔහුට අවශ්‍ය වුණේ තවත් එවැනි නිෂ්පාදනයක් කරන්නටය. ඔහු කුඩා කාර්මික වැඩබිමක් ආරම්භ කරමින් තමන් මිලදී ගත් භූතයා හොඳින් පරික්ෂා කරන්නට විය. ඒ සඳහා අවැසි බඩු බාහිරාදිය ඉතා දුෂ්කරව සපයාගත්තේය. මේ සඳහා ඔහුට ටික කලක් ගත විය. මෙසේ කල්යත්ම ඔහුගේ ප්‍රයත්නය සඵල විය. ඔහු අලුතෙන් ඉතා සාර්ථක ආකාරයේ ගොයම් මඩින යන්ත්‍රයක් හෙවත් භූතයෙක් නිරමාණය කරන්නට වුවේය. මේ නිර්මාණයත් සමඟ ඔහුගේ කාර්මික ඥානය ගැන සියල්ලෝම මවිතයට පත්වූහ. "අනේ ජයවර්ධන මල්ලියේ ඉරිඟු ඉන්දන්න ගියාම එපා වෙනවා, කට්ටිය හොයලා. පුළුවන් නම් ඉරිඟු ඉන්දන මැෂින් එකක් හදන්කෝ" යැයි කිහිප දෙනෙක් නිතර දෙවේලේ ඔහුට පවසා සිටින්නට වුහ. ඒ අනුව ඔහු දිගින් දිගටම කල්පනා කරමින් ඒ වෙනුවෙන් සැලසුම් සකස් කරන්නට විය. මාස දෙක තුනක් යද්දී ඔහුගේ කාර්යය සාර්ථක විය. දුටුවන් මවිත කරමින් බීජ සිටුවීමේ යන්ත්‍රයක් ඔහුගේ දෑතින් නිම විය. එසේ නිර්මාණය කළ යන්ත්‍රයට ඔහු පේටන්ට් බලපත්‍රයද ලබා ගත්තේය. "මේ යන්ත්‍රයෙන් ඉරිඟු, මුං ඇට, කව්පි වගේ ඇට වර්ග, එකවර පේළි නවයක් ඉන්දන්න පුළුවන්. අවශ්‍යතාව අනුව ඇට පේළි පහක් හයක් වුණත් ඉන්දන්න පුළුවන්. මෙම යන්ත්‍රයෙන් වළ හෑරිලා, ඒ එක්කම බීජ සහ පොහොර වැටෙනවා. ඊට පස්සේ ඒ වළ වැහෙනවා. ඉන් පසුව ඒ වළේ වහපු පස් ටික තද වෙනවා. මේ ආකාරයෙන් ක්‍රියාවන් රැසක් මෙම යන්ත්‍රයෙන් සිදු වෙනවා. “එකවර බීජ කිලෝ 20ක් මේ යන්ත්‍රණයට පුරවන්න පුළුවන්. ඒ වාගේම පොහොර කිලෝ 75ක් එකවර දමන්න පුළුවන්. වළකට වැටෙන පොහොර ඇට ප්‍රමාණය බීජ ප්‍රමාණය තමන්ට ගැළපෙන පරිදි සකසා ගන්න පුළුවන්. ඒ සමඟ තමන්ට කැමති ආකාරයෙන් පේළි අතර පරතරය වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා මෙම යන්ත්‍රය තමන්ට හැකි අකාරයෙන් වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. “දවසකට අක්කරයක් සිටුවන්න කම්කරුවන් 08ක් අවශ්‍ය වෙනවා. ඒකට රුපියල් දොළොස්දාහක් වැය වෙනවා. නමුත් මෙම යන්ත්‍රයෙන් දිනකට අක්කර 08ක් ඉතා පහසුවෙන් සිටුවීමට හැකියාව තියෙනවා. මෙම යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න තියෙන්නේ ට්‍රැක්ටරයට සවිකරලා. අක්කරයට රුපියල 3500ක් තමයි මේ වන විට අපි බීජ සිටුවන්නට අය කරන්නේ. අපි ලංකාව පුරා බොහෝ ප්‍රදේශවල බීජ සිටුවීම සිදු කරනවා. “මේ යන්ත්‍රයක් අප නිෂ්පාදය කර අලෙවි කරන්නේ රුපියල් දෙලක්ෂ හැත්තෑ පන්දාහකට. මේ වෙනකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් යන්ත්‍ර 07ක් මිල දී ගෙන තිබෙනවා. මේ යන්ත්‍රයෙන් බීජ සිටෙව්වම වල් මර්දනය කරන්න ලේසියි. මම මේ වෙද්දි තව නව නිපයුම් කිහිපයක් කරලා තියෙනවා. ඒ පිළිබඳ ඉදිරියේදි තොරතුරු ලබා දෙන්නම්" යනුවෙන් ජයවර්ධන මහතා අපත් සමඟ පවසා සිටියේය. මිනිසුන් ගැටලුවලට දිගුකාලීන විසඳුම් වෙනුවට කරන්නේ කෙටිකාලීන විසඳුම් සෙවීමය. එහි ප්‍රතිඵලයක් වන්නේ සියල්ලන්ම කොන්දේසි විරහිතව මාස් පඩි පතා රැකියාවන්හී නිරත වීමය. ඒ නිසාවෙන් වර්තමානයේ ගමක වගාවක් කිරීමට මිනිසුන් සොයා ගැනීම ඉතා අපහසුය. අද ජීවත්වන තරුණයෝ තාක්ෂණික මෙවලම් කරේ තබා ගෙන බෝක්කු උඩ නිකරුණේ රස්තියාදු වුවද වගා බිමකට බසින්නට සුදානම් නැත. එවන් තත්ත්වයක් යටතේ මෙම නිර්මාණයේ වටිනාකම මෙපමණයි කිව නොහැකිය. ඒ නිසා වගාවන් සඳහා ශ්‍රම දායකත්වය සොයා ගැනීම අපහසු යුගයක දිගාමඩුල්ලට අභිමානයක් ගෙන දුන් ජයවර්ධන මහතාගේ මේ විස්මිත නිර්මාණය මේ වන විට ඉරිඟු ඇතුළු ඇට වර්ග සිටුවන ගොවීන්ට මහත් ලාභදායි මෙන්ම වැඩ පහසුවෙන් කරගැනීමට හැකිවීම තුළ ගොවීන් අතර ඉතා හොඳ ඉල්ලුමක් ඇති වෙමින් තිබේ. ඒ නිසා සෑම වසරකම බඩ ඉරිඟු වගා කරන ගොවීන් ජයවර්ධන මහතාව සොයා එන්නේ බීජ සිටුවීමේ යන්ත්‍රයෙන් තමන්ගේ වගා බිමෙහි බීජ සිටුවා ගැනීම සඳහාය. ඒ අතරවාරයේ විවිධ ප්‍රදර්ශනවලටද මෙම යන්ත්‍රය ඉදිරිපත් කරන බැවින් එය දකින ගොවි මහත්වරුන්ගෙන් මෙම යන්ත්‍රයට ඇත්තේ විශාල ඉල්ලුමකි. මෙවන් විශිෂ්ට නව නිර්මාණ කරන දක්ෂයෝ බොහෝ පිරිසක් ලංකාව පුරා විසිරී සිටිති. නමුත් ඔවුන්ගේ එම නිර්මාණයන් දියුණු කර රටේ සංවර්ධනයට යොදා ගැනීමට නිසි වැඩපිළිවෙලක් නොමැතිකම නිසා මෙම නව නිර්මාණකරුවෝ තමන් වෙහෙස මහන්සියෙන් නිපදවූ එම නිර්මාණ සමඟින් අසරණව සිටිති. මෙවන් අති දක්ෂයෝ බොහෝ දෙනකු ලංකාව හැර යති. එම දස්කම් ලෝකයේ වෙනත් රටවලට ලබා දෙන්නේ එය අපේ රටට වැඩක් නොවන නිසාය. එයින් අපේ රට ප්‍රයෝජනයක් ගන්නේ නැති නිසාය. එනිසා මෙවන් විස්කම් නිර්මාණ කරන අය අප රැකගත යුතුය. එම නිර්මාණ දියුණු කිරිමට සහය විය යුතුය. මේ යන්ත්‍රය සඳහා ඔබටත් තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම්, 071-5216016 දුරකතනයෙන් ජයවර්ධන මහතාගෙන් තොරතුරු ලබා ගත හැකිය. [එස්. අමරබන්දු(රැස) අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි
(අම්පාරේ මහාචාර්ය වරයකු සම්බන්ධ උනු පරීක්ෂණයක් ) ජංගම දුරකථන, පරිගණක සහ රූපවාහිනී නිල් එළියෙන් “අන්ධවීමේ අවදානමක්”
මැදපෙරදිග කාන්තාරය, ඈත පෙරදිග සයිබීරියාව සහ ලොව පුරා බොහෝ රටවල කිසිවෙකුට පහසුවෙන් ළඟාවිය නොහැකි ඉතා දුෂ්කර ප්‍රදේශවල පවා වෙසෙන ජනතාව වර්තමානයේ ජංගම දුරකථනයක් භාවිත කරති. මෙයින් දශක කිහිපයකට පෙර සුඛෝපභෝගී භාණ්ඩයක්ව තිබූ රූපවාහිනිය ද වර්තමානයේ සාමාන්‍ය ජනතාව අතර දැන් සුලබ මෙවලමකි. එමෙන්ම පරිගණකය ද තවදුරටත් වරප්‍රසාදිත පන්තියට පමණක් උරුම වූ භාණ්ඩයක් නොවේ. එහෙත් ජංගම දුරකථන, පරිගණක, ටැබ්ලට් පරිගණක සහ රූපවාහිනී යන්ත්‍ර වැනි ඩිජිටල් මෙවලම් භාවිත කිරීමෙන් කිසිවෙකු අන්ධභාවයට පත්වීමේ බරපතල අවදානමක් තිබෙන බව ඔබ දැන සිටියාද? විශේෂයෙන්ම එම මෙවලම්වලින් පිටවෙන නිල් පැහැති ආලෝකය හේතුවෙන් එවැනි බරපතල අවදානමක් තිබෙන බව ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් ඇතුළු විද්‍යාඥයන් පිරිසක් පවසති. “නිල් පාට ආලෝකය ඇස්වලට හානිදායකයි කියල සාමාන්‍ය පිළිගැනීමක් තියෙනව පර්යේෂකයන් අතරේ,” යනුවෙන් ඇමෙරිකාවේ ටෝලේඩො විශ්වවිද්‍යාලයේ (The University of Toledo) සහාය මහාචාර්ය, ආචාර්ය අජිත් කරුණාරත්න බීබීසී සිංහල සේවයට ඒ අවදානම විස්තර කළේය. එම පර්යේෂණය මෙහෙයවනු ලැබුවේ ආචාර්ය කරුණාරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් පර්යේෂකයන් කණ්ඩායමක් විසිනි. “ඒ වගේම ඔය දුරකථන වගේ දේවල් නිෂ්පාදනය කරන සමාගම් පහුගිය කාලේ හඳුන්වා දීල තිබුණ නිල් පාට ආලෝකය අඩු කරන ෆිල්ටර්ස් වගේ ක්‍රම.” ‘විප්ලවීය සොයාගැනීමක්’ කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා “තුන්වෙනි ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයා” වූ ශ්‍රී ලාංකිකයා එම නිල් පැහැති ආලෝකය හේතුවෙන් එවැනි මෙවලම් භාවිත කරන්නන් අන්ධභාවයට පත්වීමේ අවදානම ඉහළ යන බව ආචාර්ය අජිත් කරුණාරත්න ඇතුළු කණ්ඩායමක් ටෝලේඩො විශ්වවිද්‍යාලයේදී පවත්වන ලද පරීක්ෂණයක දී සොයා ගත්හ. ආචාර්ය අජිත් කරුණාරත්න හැරුණු විට එහි අධ්‍යාපනය හදාරන තවත් ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් ඇතුළු සිසු සිසුවියන් ද පර්යේෂණයට සහාය වූහ. බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක් වූ සහාය මහාචාර්යවරයා, “නිල් පාට ආලෝකය ඇස්වලට හානිදායකයි කියල සාමාන්‍ය පිළිගැනීමක් තිබුණ මිසක් කොහොමද මේක වෙන්නේ කියල විද්‍යාත්මක පැහැදිලි කිරීමක් මෙතෙක් තිබුණේ නැහැ,” යනුවෙන් සිය පර්යේෂණය පිළිබඳ විස්තර කළේය. ඇස්වලට පමණක් නොව සම මතුපිට පිහිටි ඕනෑම සෛලයකට ඇතුළු වූ විට නිල් පාට ආලෝකය එයට හානි කරන බව ටොලේඩො විශ්වවිද්‍යාලයේ රසායනික සහ ජෛවරසායනික දෙපාර්තමේන්තුවේ පර්යේෂකයන්ගේ සොයාගැනීම ය. අන්ධවීමේ අවදානම: ජංගම දුරකථන භාවිතය සීමා කළ යුතුද? “අපේ ඇස්වල තියෙනව අණුවක්. අපි ඒකට කියනවා retinal එකක් කියල. මේ ඇල්ඩිහයිඩය අත්‍යවශ්‍යයි අපේ ඇස්වල තියෙන ආලෝකයට සංවේදී සෛලවලට සංවේදී වෙන්න. මේ අණුව නිෂ්පාදනය වෙන්නේ ඇස්වලමයි. ඉතින් ඇස්වල තියෙන සෛලවලින් මේක නිදහස් කළහම මේ නිදහස් වෙච්ච අණුවකට පුළුවන් නිල් පැහැති ආලෝකය අවශෝෂණය කරලා ඒ අවශෝෂණය කළ ශක්තියෙන් ඇස්වල තියෙන අනෙක් ජෛව රසායනික ප්‍රතික්‍රියාවලට හානි කරන්න.” ජංගම දුරකථන ඇතුළු මෙවලම් මගින් නිකුත් කෙරෙන නිල් පැහැති ආලෝකය මගින් අන්ධභාවය ඇතිකිරීමේ අවදානමක් පැවතුන ද ඒ පිළිබඳ තවත් බොහෝ පර්යේෂණ කළ යුතු බව පර්යේෂකයෝ අවධාරණය කරති. මේ අවදානම අඩු කළ හැක්කේ කෙසේද? මිනිසාගේ සහ සතුන්ගේ ඇස්වලට පාරජම්බුල ආලෝක වැළැක්වීමේ හැකියාව තිබුණ ද නිල් පැහැති ආලෝකය වැළැක්විය නොහැක. පර්යේෂණය සඳහා යොදාගන්නා ලද නවීන පර්යේෂණ උපකරණ ඒ අතර retinal නම් අණුව සකස් වී තිබෙන්නේ නිල් පැහැති ආලෝකය අවශෝෂණය කරගැනීම සඳහාය. එබැවින් පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි පරිසරයේ ආලෝකය පවතින අවස්ථාවක ජංගම දුරකථන හෝ පරිගණක වැනි විද්‍යුත් උපකරණ භාවිත කිරීම මේ අවදානම අඩු කර ගැනීමේ එක් උපක්‍රමයකි. “ඒ වෙලාවට සාමාන්‍ය ප්‍රමාණයක් නිල් පාට ආලෝකය ආවත් ඒක එච්චර ප්‍රමාණයක් ඇතුළු වෙන්නේ නෑ මොකද පරිසරයේ ආලෝකය පවතින වෙලාවට ඇසට නිල් පාට ආලෝකය ඇතුළු වෙන සිදුර (aperture) පුංචි නිසා,” ආචාර්ය අජිත් කරුණාරත්න විස්තර කළේය. “නමුත් ඒ ජංගම දුරකථනයම සම්පූර්ණයෙන්ම අඳුරු කාමරයක් ඇතුළේ පාවිච්චි කළොත් ඇහැ එතෙන්දි අර අඳුරට හුරු වෙලා ඇහේ තියන ආලෝකය ඇතුළුවෙන සිදුර (aperture) ඉතා විශාල වෙනවා. ඒ නිසා රාත්‍රී කාලයේ දුරකථන හෝ රූපවාහිනී භාවිත කරනවා නම් සාමාන්‍ය ආලෝකය තියන පරිසරයක ඒක පාවිච්චි කරන්න.” ජංගම දුරකථන භාවිතය සීමා කළ යුතුද? නවීන ලෝකයේ අවශ්‍යතා හමුවේ කෙතරම් සෞඛ්‍ය අවදානමක් පැවතිය ද ජංගම දුරකථන, පරිගණක හෝ රූපවාහිනී වැනි මෙවලම් භාවිතය සීමා කළ නොහැකි බව පර්යේෂකයෝ පිළිගනිති. එබැවින් ආලෝකය පවතින පරිසරයක හැකි සෑම අවස්ථාවකම එවැනි උපකරණ භාවිත කිරීම අන්ධවීමේ අවදානමෙන් වැළකිය හැකි එක් උපක්‍රමයකි. අනෙක් අතට මෙවැනි අවදානමක් පවතින බව සනාථ කළහොත් එවැනි මෙවලම් වලින් නිකුත්වන නිල් පැහැති ආලෝකය අඩුකිරීමේ ක්‍රම සොයා බැලීමට නිෂ්පාදකයන් උනන්දු විය යුතුය. “මේක විශේෂයෙන්ම නිල් පාට. අපි පරීක්ෂණ කළා කොළ, කහ, රතු වගේ වර්ණ ගැන ඒවගෙන් කිසිම හානියක් වෙන්නේ නෑ ඉතින් ඒ නිසා නිල් පැහැති ආලෝකය සීමා කරන්න පුළුවන්,” ආචාර්ය අජිත් කරුණාරත්න පැහැදිලි කළේය. විද්‍යුත් මෙවලම්වලින් නිකුත් කෙරෙන නිල් පැහැති ආලෝකයට ඔරොත්තු දෙන ආකාරයේ කන්නාඩි නිෂ්පාදනය කිරීම තවත් ප්‍රතිකර්මයකි. “හානිවෙන පරාසයේ තියන ආලෝකය විතරක් අයින් කරලා අනිත් ආලෝක තරංග අපේ ඇහැට ඇතුළුවෙන්න සලස්වන විදියේ ක්‍රම හදන්න පුළුවන්.” ජංගම දුරකථන, පරිගණක හෝ රූපවාහිනී වැනි මෙවලම් භාවිතය ගැන ලොව පුරා ජනතාව බියපත් කිරීම පිණිස නොව සෞඛ්‍යාරක්ෂිත ලෙසින් ඒවා භාවිත කරන්නේ කෙලෙසද යන්න ගැන දැනුවත් කිරීම සිය පර්යේෂණයේ අභිලාෂය වූ බව ද ආචාර්ය කරුණාරත්න වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම නිල් පැහැති ආලෝකයෙන් ඇතිවන බලපෑම වැළැක්විය හැකි ඖෂධ වර්ග නිපදවීමේ හැකියාව ගැන ද පර්යේෂකයෝ පරීක්ෂණ පවත්වමින් සිටිති. “අපිට තියෙන අභියෝගය තමයි තවදුරටත් පර්යේෂණ කරලා කොහොමද මේක වෙන්නේ, කොහොමද මේක වලක්වා ගන්නේ කියන එක අවබෝධ කරගැනීම.” කවුද මේ ආචාර්ය අජිත් කරුණාරත්න? අම්පාරේ වෙරන්කැටගොඩ ප්‍රදේශයේ වාසය කළ අජිත් කරුණාරත්න, අපොස සාමාන්‍ය පෙළ දක්වා උපත ලැබුවේ වෙරන්කැටගොඩ මහා විද්‍යාලයේය. ශිෂ්‍යත්ව විභාගය සමත්වීමෙන් අනතුරුව ආණ්ඩුවෙන් ලැබුණ ශිෂ්‍යත්වාධාරය සිය අධ්‍යාපන කටයුතු සඳහා මහෝපකාරී වූ බව ඔහු පවසයි. ඉන් අනතුරුව උසස් පෙළ හැදෑරීම පිණිස ඔහු අම්පාර ඩීඑස් සේනානායක මාධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය. උසස් පෙළ සමත්වී, ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එහිදී රසායන විද්‍යාව සඳහා විද්‍යාවේදී උපාධිය හැදෑරු සමයේ මහපොළ ශිෂ්‍යත්වය තමන්ට මහත් රුකුලක් වූ බව සහාය මහාචාර්යවරයා කෘතවේදීව සිහිපත් කරයි. උපාධිය සමත්වී ඔහු විවෘත විශ්වවිද්‍යාලයේ සහ අග්නිදිග විශ්වවිද්‍යාලයේ වසර කිහිපයක් රසායන විද්‍යා කතිකාචාර්යවරයෙකු ලෙසින් සේවය කළේය. ඉන් අනතුරුව ඇමෙරිකාවේ මිචිගන් විශ්ව විද්‍යාලයේ ජෛව විද්‍යාත්මක රසායන විද්‍යාව සඳහා ආචාර්ය උපාධිය හැදෑරු ඔහු, ආලෝකය යොදාගෙන සෛලවල හැසිරීම පාලනය කිරීමේ උපායමාර්ග වර්ධනය කරමින් වොෂිංටන් විශ්වවිද්‍යාලයේ පශ්චාත් ආචාර්ය උපාධි පාඨමාලාවක් ද හැදෑරීය. 2014 දී ඔහු සහාය මහාචාර්යවරයෙකු ලෙසින් ටොලේඩො විශ්වවිද්‍යාලයට සම්බන්ධ විය. එහි ආචාර්ය උපාධි හදාරන ශිෂ්‍යයන් සිව් දෙනෙකුගේ සහ උපාධි පාඨමාලා හදාරන ශිෂ්‍යයන් කිහිප දෙනෙකුගේ උපදේශකයා ලෙස ඔහු සේවය කරයි. සිය ශාස්ත්‍රීය දිවිය තුළ ඔහු නව සොයාගැනීම් සම්බන්ධයෙන් ලොව ප්‍රධාන පෙළේ විද්‍යා සඟරාවල ප්‍රකාශයට පත් වූ ලිපි තිහකට පමණ දායක වී තිබේ. bbc.com/sinhala

අම්පාරේ තවත් පුරාවිද්‍යා බ්මක් ඩෝසර් කරලා

අම්පාරේ තවත් පුරාවිද්‍යා බ්මක් ඩෝසර් කරලා
අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රා​ෙද්ශීය ලේකම් කොට්ඨාසයට අයත් වලතාපිටිය ගම්මානයේ ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානයක් ඩෝසර් කර දමා ඇති බව පුරා විද්‍යා දෙපාර්මේන්තුව විසින් සමන්තුරේ පොලිසියට පැමිණිලි කර ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ පුරා විද්‍යා ස්ථාන විනාශ කිරීම ආරම්භ වූයේ අද ඊයේ නොවේ. ඉවක් බවක් නැතුව කරන සංවර්ධන කටයුතු නිසා දැන හෝ නොදැන මෙම විනාශය සිදුවේ. වලතාපිටිය ගම්මානය අවට ප්‍රදේශයේ ස්ථාන ගණනාවකම පුරාවිද්‍යා ස්ථාන කීපයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇති අතර මෙම ප්‍රදේශය අවට යම් පුරාවිද්‍යා කැණීමක් කරන්නේ නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස අම්පාර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක නිල්මල්ගොඩ මහතා විසින් සමන්තුරේ ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දී තිබේ. එසේ තිබිය දී අක්කර 10 යක වැඩි භූමි ප්‍රමාණයක අනවසරයෙන් ගල් කඩා එහි තිබූ පුරාවස්තු හානි වෙන ආකාරයට කටයුතු කර ඇති බව අප එහි කළ සංචාරයේදී දැක ගැනීමට හැකිවිය. මෙම ඉඩමේ පෙර අයිතිකරු වන්නේ විශ්‍රාමලත් ග්‍රාම නිලධාරිවරයෙකි. පසුව ඔහු අක්කර දෙකක මෙම ඉඩම සමන්තුරේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට විකුණා ඇති බව පොලිසිය විසින් සොයා ගෙන ඇත. පසුව සමන්තුරේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් යන්ත්‍ර සූත්‍ර යොදා මෙම ඉඩම සංවර්ධනය කිරීමට ආරම්භ කර තිබේ. මෙම භූමිය වැඩි වශයෙන් කළුගල්වලින් සමන්විත වූ ඉඩමකි. මෙම ඉඩම සංවර්ධනය කිරීම ආරම්භ කර ඇති අතර ඒ සඳහා කිසිම නිත්‍යානුකූල අවසර පත්‍රයක් නොගෙන මෙම කටයුතු සිදුකර තිබෙන බවට මේ වෙන විට කරමින් තිබෙන පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මෙම ඉඩම් අයිතිකරු යැයි පෙනී සිටින සමන්තුරේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් තමන්ට හිමි අක්කර දෙකක ප්‍රමාණයක් යැයි පැවසුවත් අක්කර 10 ක පමණ භූමි භාගයක් පුරා විහිදී ඇති කළු ගල් සියල්ල කඩා දැමීමට කටයුතු කර තිබේ. ඒ සඳහා ඔහු ස්කැවේටර් යන්ත්‍ර දෙකක් සහ ඩෝසර් යන්ත්‍රයක් යොදාගෙන ඇති අතර එම ස්ථානයේ තිබෙන ගල් කැඩීම සඳහා ගල්බෝර ගසා ඇති බවට සාක්කි ගණනාවක්ද තිබේ. ගල් පිපිරවීම සඳහා යන්ත්‍ර මගින් හිල් විද ඇති අතර ඔවුන් පුපුරුවා ඇති ස්ථාන දෙකක වෙඩි පුපුරා නොගොස් ඇති අතර එම ස්ථාන දෙකේ ගල පිපිරවීමට යොදා ගන්නා වෙඩි නූල් ද අපට එම ස්ථානයට යන විට දැක ගැනීමට හැකි විය. මාසයකට අධික කාලයක් කරන ලද මෙම නීති විරෝධී ක්‍රියාව පිළිබඳව කිසිවෙකු අවධානය යොමු නොකළ අතර මෙම විනාශය දැක උහුලා ගැනීමට නොහැකි වූ දෙමළ ජාතික තරුණයෙක් මාධ්‍ය​ෙව්දීන්ට මේ පිළිබඳව දැනුම් දී තිබේ. පසුව එම ස්ථානයට පැමිණි මාධ්‍ය​ෙව්දීන් පිරිසක් පළමුව භූමියට ඇතුළු නොවී එහි සිදුවෙන දේවල් සියල්ල පිට සිට පටිගත කර මේ පිළිබඳව අම්පාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාට දැනුම් දී ඇති අතර පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා අම්පාර පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම ස්ථානයට එවනු ලැබීය. එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් එම ස්ථානයේ සේවය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබිණ. එම අවස්ථාවේ මෙම ඉඩම තුළ ගල්කැඩීමට ගෙනා ස්කවේටර් යන්ත්‍ර දෙකක් තිබූ අතර එම යන්ත්‍ර දෙක ද රඳවා ගැනීමට තීරණය කළේය. අම්පාර පොලිසිය මඟින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළත් මෙම වලතපිටිය ගම්මානය අයිති වන්නේ සමන්තුරේ ප්‍රදේශයටය. අම්පාර පොලිසිය පැමිණ පැය භාගයකට පමණ පසුව සමන්තුරේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහමඩ් මහතා පැමිණ අම්පාර පොලිසිය මගින් රඳවාගත් පුද්ගලයා නිදහස් කළ අතර ඔහු පැවසුවේ ඉදිරි දින දෙක නිවාඩු බැවින් මෙම ඉඩම පිළිබඳව සොයා කටයුතු කරන බවයි. නමුත් එම මොහොතේ භූ විද්‍යා සහ පතල් කාර්්‍යංශයේ නිලධාරියකු එම ස්ථානයේ සිටි අතර ඔහු පැවසුවේ මෙම ස්ථානයේ ගල් කැඩීම සඳහා භූ විද්‍යා සහ පතල් කාර්්‍යාංශයෙන් අවසර නොදී ඇති බවයි. කරුණු එසේ තිබියදී අම්පාර පොලිසිය මගින් රඳවාගත් පුද්ගලයා ද සමන්තුරේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අත් හැරියේ මෙම සිද්ධිය විශාල පිරිසක් බලා සිටියදී
මෙම සිදුවීම 2018.05.12 සවස සිදුවූ අතර දින දෙකක් යනතුරු පරීක්ෂණ කටයුත්තක් පොලිසියෙන් සිදු නොවූ අතර ඒ අතරතුර අනවසර කැණීම් කරන ලද ඉඩමේ නවතා තිබූ එස්කවේටර් යන්ත්‍ර දෙකම ඉඩම සංවර්ධනය කරන පුද්ගලයා විසින් ඉවත් කර ගැනීමට කටයුතු කළේය. මාධ්‍ය මගින් මෙම සිදුවීම පිළිබඳව හෙළිවීමත් සමගම අම්පාර පුරා විද්‍යා නිලධාරීන් පැමිණ මෙම භූමියේ පරීක්ෂණයක් කර එම භූමිය පුරාවිද්‍යා සාධක ඇති බව හඳුනාගෙන සමන්තුරේ පොලිසිය මගින් පරීක්ෂන ආරම්භ කරනු ලැබීය. ඒ සඳහා කල්මුනේ කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ප්‍රියදර්ශණ හේරත් මහතා පැමිණ ස්ථානය පරීක්ෂා කර පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය. දැනට මෙම ස්ථානයේ කැණීම් කිරීමට භාවිත කරන ලද එස්ක‍​ෙව්ටර් යන්ත්‍ර දෙක සහ එහි රියැදුරන් සමන්තුර පොලිසිය සහ අම්පාර පුරාවිද්‍යා පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. එහෙත් මෙම ඉඩමේ අයිතිකරු වන කැණීම් කරන ලද සමන්තුරේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අත්අඩංගුවට ගෙන නැති අතර ඔහුගෙන් ප්‍රකාශයක් පමණක් ලබා ගෙන තිබේ. අම්පාර දිසාපති තුසිත පී. වනිගසිංහ මහතා මේ පිළිබඳව කළ විමසීමේදී මෙසේ කීය. වලතාපිටිය ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් විශාල කැණීමක් කරලා තියෙනවා කියලා මට වාර්ථා වුණා. මෙම ස්ථානය පුරා විද්‍යා ස්ථානයක් බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසලා තියෙනවා. මේ වගේ දෙයක් කරනකම් ග්‍රාම නිලධාරිවරයා කිසිවක් කරලා නැහැ. ඔහු පිළිබඳව අපි කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරනවා. රජයේ ඉඩම් ආරක්ෂා කිරීමට ග්‍රාම නිලධාරිවරයාට පූර්ණ බලතල දීලා තියනවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යායේ ඉඩම් අංශයෙන් මේ වගකීම පැහැර හැරලා තියෙනවා. රජයේ ඉඩම්වල එක එක එක්කෙනාට අවශ්‍ය පරිදි නිත්‍යාණුකූල නොවන අයුරින් කටයුතු කරන්න බැහැ. ඒ වගේම මෙම ඉඩම විකුණලා තියෙන්නේ විශ්‍රාම ගිය ග්‍රාම නිලධාරිවරයෙක් මේ පිළිබඳවත් අපි පරීක්ෂණයක් කරනවා. අම්පාර පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂක අරුණ කුමාර නිල්මල්ගොඩ මහතා වලතාපිටිය මෙම කැණීම් කරලා තියෙන ස්ථානයේ පුරා විද්‍යා සාධක තියෙන බවට විමර්ශන නිලධාරින් පෙන්වල දීල තියෙනවා. මීට මාස හයකට කලින් සමන්තුර ප්‍රාදේශීය ලේකම්වරයාට අපි ලිඛිතව දැනුම් දීලා තියෙනවා. වලතාපිටිය ප්‍රදේශයේ සංවර්ධන කටයුතු කරනවා නම් ඒ පිළිබඳව අපිට දැනුම් දෙන්න කියලා. නමුත් මෙම කටයුත්තේ දී ඒ කාරණය පිළිබඳව කිසිම සැලකිල්ලක් දක්වලා නැහැ. දැනට අපි සිදුවූ විනාශය පිළිබඳව තොරතුරු රැස් කරනවා. මේ පිළිබඳව අපි නිත්‍යානුකූලව කටයුතු කරනවා. නැගෙනහිර පළාතේ මෙතෙක් සිදුවූ පුරාවිද්‍යා විනාශයන් සැලකිල්ලට ගැනීමේ දී මෙම ස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ ඇත්තේ මන්දගාමී ප්‍රතිපත්තියකි. වලතාපිටිය ප්‍රදේශයේ මාසයක කාලයක් කිසිම අවසරයකින් තොරව මෙම විනාශය කරනතුරු ග්‍රාම නිලධාරීවරයා, පොලිස් බුද්ධි අංශ කළේ කුමක්දැයි යන්න පිළිබඳව ජනතාව තුළ සැකයක් මතුව තිබේ. සුළු සිද්ධිවලට පවා අහිංසක මිනිසුන් අත්අඩංගුවට ගන්නා ශ්‍රී ලංකා පොලීසිය මෙම සිද්ධියට මුල් වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අත්අඩංගුවට ගැනීමට මැළිකමක් දක්වන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.
ලංකාදීප newspaper 2018/05/20 අම්පාර වසන්ත චන්ද්‍රපාල